බල සුබ නිමිති පෙර මග නැකතටත් වැඩී........
ඕනෑම දිගු ගමනක් ඇරඹෙන්නේ එක් කුඩා පියවරකිනි.එම පළමු පියවර සාර්ථක නම් ඉදිරි ගමන පිළිබඳ කිසිදු සැක සංකාවක් නැත.
මාතෘකා කර ගත් කවි පදයේ සඳහන් පරිදි සුබ ගමනක් ආරම්භයට පෙර නැකැත් බලනවාටත් වඩා සැලකිලිමත් විය යුත්තේ සුබ නිමිති දැකීමයි .එවිට ගමන සාර්ථක බව පුරාණයේ පඬිවරු පවා පවසා ඇත.
කිසිවකු අපේක්ෂා නොකල අසීරු ගමනක් යන්නට ස්ටැෆර්ඩ් ශ්‍රී ලන්කන් පාසල පළමු පියවර තැබුවේ මීට වසරකට පෙරාතුවය.එනම් මව් බිමෙන් බැහැර ව වෙසෙන දූ දරුවන්ට සිංහල බස ඉගැන්වීමේ සත් කාර්යයයි.මෙය පළමු අදියරේදීම සාර්ථකත්වයට පත් වූ බව ට ඕනෑවටත් වඩා සාක්ෂි ඇත.
දෙවන අදියර අවසන් වූ දා කළඑළි දුටු සිසුන්ගේ විවිධ ප්‍රසංගය දුටුවේ නම් මෙය ආශ්චර්යයක් සේ ඔබට දැනෙනු ඇත.එය එතරම් ම මනස්කාන්තය.සිංහල බසින් විවිධ ආකාරයේ දස්කම් ඔවුහු දැක්වූ හ.කෙටි කලකදී භාෂාව එතරම් ප්‍රගුණ කර ගන්නට සමත් වීම සියල්ලන්ගේ ප්‍රශංසාවට පාත්‍ර වූ කරුණක් වි ය.මෙම ප්‍රසංගයේ සියලු කාර්යයන් සිදු කරන ලද්දේ සිසු දරු දැරියන් විසින් වීම ද විශේෂයකි.නිවේදන කටයුතු සියල්ල මෙහෙයවූයේ සිසුන් විසිනි.මෙය සිංහල සහ ද්‍රවිඩ යන භාෂා මාධ්‍ය දෙකෙන්ම සිදු කරන ලදී.
මෙම සෞන්දර්යාත්මක සැඳෑවේ දෙමාපියන් දුටුවේ තම දරුවන්ගේ කුසලතා වන නමුදු පාසල දුටුවේ සාර්ථක ගමනක සුබ පෙර නිමිති රැසකි.අරමුණු සාක්ෂාත් කර ගන්නට වෙර දරන ස්ටැෆර්ඩ් ශ්‍රී ලන්කන් පාසලේ අනාගතයට නව අරුනළු වැටී පහන් වන කල එම අරුනැල්ල ..සදා කල්හිම...ඔබේ දරුවාගේ අනාගතය එළි කරන්නට ම දැල්වී තිබෙනු ඇත.