දෝහා ස්ටැෆර්ඩ් ශ්‍රී ලන්කන් විදුහල් බිමේ...අසිරිමත් වෙසක් සැමරුම
මව් බිමෙන් සැතපුම් සිය දහස් ගණනක් දුරු රටක අන්‍ය ආගමික පසුබිමක මෙවන් උත්කර්ෂවත් වෙසක් උළෙලක් පැවැත්වීම ප්‍රශංසනීය කරුණකි.
සෑම වසරකම මෙන්ම මෙවරත් දෝහා නගරයේ ස්ටැෆර්ඩ් ශ්‍රී ලන්කන් පාසල වෙසක් සැමරුවේ ආගමික කටයුතු වලට මුල් තැන දෙමිනි.වැඩසටහන ආරම්භ වූයේ සියලු බොදුණුවන් තමාගේ ආගමික වතාවත් වල යෙදීමෙන් පසුවය. මෙවර පන්ති මට්ටමෙන් වෙසක් පත් සකස් කිරීම තරඟයක් ආකාරයෙන් ක්‍රියාත්මක වූ අතර ජයග්‍රාහකයන්ගේ වෙසක් පත් මුද්‍රනය කරන්නට ද කටයුතු යොදා තිබුණි.
වෙසක් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වුයේ පාසලේ ගරු සභාපති කුමුදු ෆොන්සේකා මැතිතුමා එම මැතිනියයි. ගරු අධ්යක්ෂ මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිය හ.දෙමාපියන් විශාල සංඛ්‍යාවක් මෙම වෙසක් සංදර්ශනය නැරඹීමට පැමින සිටි අතර ඒ සියලු දෙනා මෙම කාර්යය සාර්ථක කර ගන්නට නන් අයුරින් උපකාර කළෝ ය.
ප්‍රාථමික අංශයේ සිසු දරු දැරියන්ගේ පෙරහැර ඉතා දැකුම්කළු එකක් වූ අතර පෙරහැරක තිබිය යුතු සියලුම අංගයන්ගෙන් මෙය පරිපූර්ණ වී තිබිණ.
සියලු දෙනාගේ ම සිත් සතන් පහන් කරවන්නට සමත් වූ වෙසක් බැති ගී සරණිය මෙම උත්සවයේ ප්‍රධාන අංගය වී තිබුණි.බුදු හිමියන්ගේ අපිරිමිත කරුණාව ,දයාව කැටිවුනු බොදු බැති ගී දහයක් ප්‍රසංගයට ඇතුලත් වු අතර ඉන් අටක් සිසුන් විසින් ද අනෙක් දෙක පාසලේ ආචාර්ය මණ්ඩලය සහ කාර්ය මණ්ඩලය විසින් ද ගායනා කරන ලදී.බැති ගී ප්‍රසංගය අවසානයේ ශ්‍රී ලන්කන් දහම් පාසලේ දරු දැරියන්ගේ බෞද්ද නාට්‍යයක් රඟ දැක්වූ අතර පාසල් බිමේ විවධ ආකාරයේ ආහාර පාන ආදියෙන් සමන්විත දන්සැල් කිහිපයක් ද පැවැත්විණ.
ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන් ගෙන් බුදු හිමියන් පුද දුන් මෙම වෙසක් මංගල්‍යය සියලු දෙනාගේම පැසසුමට ලක්වූ පාසලේ සුවිශේෂි සැමරුම් අංගයක් වි ය.
මෙම සත් කාර්යය සාර්ථක කර ගැනිම සඳහා පාසල් ප්‍රජාව විවිධාකාරයෙන් උදව් උපකාර කළ හ. දන්සැල් පැවැත්වීමෙන් විශාල සහයෝගයක් පාසලට ලබා දෙන ලද අතර සැරසිලි ආදිය සිදු කරමින් ද ඔවුහු සහය දැක්වූ හ.
- ක්‍රිෂාන්තන් මයා
- ප්‍රියන්ත විජේරත්න මයා
- අමිත් නුවන් පෙරේරා මයා
- මංජුල වීරක්කොඩි මයා
- මහේන්ද්‍ර පන්ඩිත මයා
- අශෝක සේනාධීර මයා
- ෂාමල් පෙරේරා මයා
- ශාන්ත විජේසිංහ මයා
- සුමුදු විජේසිංහ
- මිනෝෂා ප්‍රනාන්දු